වැඩ බලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (29) සවස පත් කිරීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
වැඩ බැලීම ආවරණය කිරීම සඳහා ලබා දෙන කාලය මාස තුනකට සීමා වනු ඇතැයි ද වාර්තා වේ.
මෙම පත්කිරීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලන අංශවලින් දැඩි ඉල්ලීම් ඇති නමුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව රටේ කතෝලික ප්‍රජාවේ ප්‍රධානම නියෝජනය වන කතෝලික සභාව මෙන්ම වෙනත් සමාජ දේශපාලන සංවිධානවලින් මතුකර ඇතිි බරපතල විරෝධයක්ද මතු වී තිබිණි.