සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නෙළුම්වැවේ  උල්පත් අතර තවත් උණුදිය උල්පත් 04ක් මතුවෙයි…

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

ශ්‍රීලංකාවේ උණුදිය උල්පත් අතරින් වැඩිම උෂ්ණත්වයක් පවතින පොලොන්නරුව වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා තිබූ උණුදිය උල්පත් තුන අතරට පසුගියදා තවත් උණුදිය උල්පත් හතරක් පමණ  අලුතින් එකතු වී ඇති බව ප්‍රදේශ්වාසීහු පවසති.

විශාල වශයෙන් දියබුබුළු, දමමින් හුමාලය මතුකරන මෙම උණුදිය උල්පත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක් කඩිනමින් සකසා දෙන ලෙසට අදාළ බලධාරීන්ගෙන් නෙළුම්වැව සහ අවට ගම්වාසීහු ඉල්ලා සිටිති.

නුවර ප්‍රදේශයේ විශාල කන්දක් යටින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කන්ද යටට එක් දියඋල්පත් රේඛාවක් මගින් ඉතා වේගයෙන් ගලා එන එම දියඋල්පත් රේඛාව නෙළුම්වැව මැදින් දියබුබුළු දමමින් මතුකරන බවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය භූ විද්‍යාඥ ධර්ම ගුණරත්න   විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

unudiya-Ulpath-Nelumwewa
නෙළුම්වැවේ උල්පත්

ලංකාවේ ඉහළම උෂ්ණත්වයක් සහිත  මෙම උණුදිය උල්පත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 67   වන අතර එය ශ්‍රී ලංකාවේ පිහිටි උණුදිය උල්පත් දහයෙන් වැඩිම උෂ්ණත්වයක් ඇති උණුදිය උල්පත් බවට 2005 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවකට හිටපු කථිකාචාර්ය භූගර්භ විද්‍යාඥ ධර්ම ගුණරත්න  විසින් සිදුකරන ල ද පරීක්ෂණයට අනුව තහවුරු වී තිබිණි.

පොළොන්නරුව ඇතුළු පාසිකුඩා මෙන්ම පළාතේ විවිධ ස්ථාන සංචාරය කිරීමට පැමිණෙන දෙස්, විදෙස්, සංචාරකයන්ගෙන් විශාල වශයෙන්   ආදායම් උපදවාගත හැකි  මාර්ගයක් වන මෙම උණුදිය උල්පත් සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ රැකියා අවස්ථා මෙන්ම විශාල සංවර්ධනයක් අත්පත් කරගත හැකි බවද ප්‍රදේශයේ  ගොවිජන නියෝජිතයින් මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් සඳහන් කරති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැලිකන්ද ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වූ මෙම උණුදිය උල්පත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පාලනයට ගැනීමෙන් පසු උණුදිය උල්පත් නැරඹීමට බෝට්ටු සේවාවක් ආරම්භ කළද   එයද මෙවැනි විට සම්පූර්ණ නතර වීම නිසා පැමිණෙන සංචාරකයන්ට උණුදිය උල්පත් නැරඹීමේ හැකියාව නොමැති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

කුෂ්ඨ, දද ,සහ සමේරෝග සඳහා මෙම උණුදිය ජලය බොහෝ පිරිස් රැගෙන යන අතර විශාල රෝග ගණනාවක් සුව කර ගැනීමට මෙය මහත් ඔසුවක් වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

පොළොන්නරුව නගරයේ සිට මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 18ක් පමන ගමන් කළ පසු සෙවනපිටිය නගරයෙන් දකුණට හැරී කිලෝමීටර් 5ක් පමණ ගමන් කළ විට උණුදිය උල්පත් දැකගැනීමට හැකිය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව පාර්ලිමේන්තු සභාවාරයේ මුදල් කාරක සභාව හර්ෂගේ සභාපතිත්වයෙන් රැස් වෙයි!

Next Post

අයුක්තියට එරෙහිව මගට බහින්නේ  ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු! –

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.