බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයුක්තියට එරෙහිව මගට බහින්නේ  ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු! –

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තරුණයින්  සාමකාමීව මහමගට බසින්නේ   ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්නට බවත්   එසේ පාරට බැස ඇත්තේ  ත්‍රස්තවාදීන් නොව හෘදය සාක්ෂියක් සහිත පුරවැසියන් බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේය.

අනීතිකව ම්ලේච්ඡව සිදුකරන මේ  මර්ධනයට  ජනතාව හැමදාම හිස නමාගෙන සිටිනු ඇතැයි  අපේක්ෂා කරනවා නම් ඉදිරියේ දී ඇති වීමට නියමිත බිහිසුණු ව්‍යසනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බවත් ඔහු කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන අද බත්තරමුල්ලේ දී පැවති ජාතික බලවේගයේ මාධ්‍ය හමුව අමතමිනි.

නීතිඥ හර්ෂණ නානායක්කාර මෙසේ ද පැවසුවේය.

“1979 හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මෙතෙක් පැවැති ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ නියැලුණා. රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් හැටියට අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමේ අරමුණින්ම මේ බෙදීම කළා. ඔහු ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වන්නේ ජනාධිපති මන්දිරයේ ෆ්‍රිජ්එකේ තිබුණු ගස්ලබු බෑය කෑව කෙනා. පිහිනුම් තටාකයේ සබන් ගාලා නෑව කෙනා. ජනාධිපති කොඩිය ඇඟේ ඔතාගෙන සිටිය කෙනා. රනිල් වික්‍රමසිංහගේ ත්‍රස්තවාදී නිර්ණායක පෙළ ගස්වා තිබෙන්නේ මේ විදිහට. “

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් දින 90ක රැඳවුම් නියෝග මත හිරකර තබාගෙන ඉන්නවා. ඕනෑම කෙනෙකුට වරදක් කළා කියලා චෝදනා එල්ලකර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්නත් පුළුවන්. නීතිඥවරුන්ට ඒ අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉතාමත්ම සීමිත ඉඩකඩක් ලැබෙන්නේ. මහේස්ත්‍රාත්වරුන්ට ඔවුන්ව අධීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. “

“නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සාමකාමී පාගමනක නියැලෙමින් එකදු නීතියක්වත් නොකැඩූ ශිෂ්‍යයන්ට පොලිසිය යොදවා පන්න පන්නා පහර දුන්නා.“

“රටේ ආර්ථික අර්බුදය එක්ක රජයේ පාඩු ලබනවා යැයි කියන ආයතන විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාකරනවා. ඒ වාට විරුද්ධව සිදුකෙරන ජනතා නැගිටීම් මර්දනය කිරීමේ පෙරහුරුවක් මේ තියෙන්නේ. මේ උත්සාහ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමේ බිය ගැන්වීමකට. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි. ‘

“තරුණයෝ පාරට එන්නේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඔවුන් ගැටෙන්නේ ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්න. ජීවන වියදම සහ වෙනත් ආර්ථික ගැටලු විසඳා ගන්න මේ රටේ පාරට එන්නේ ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන පුරවැසියන්. ඔවුන්ව අනීතික ලෙස, ම්ලේච්ඡ ලෙස මර්දනය කරනවා නම්, ඔලුව පහත් කරගෙන ඉඳී කියලා හිතන්න එපා. “

“මේ රටේ ජනතාවගේ කොන්ද කැඩීමයි මේ කරන්නේ. ගෝල්ෆේස් එකට හෝ වෙන කිසිම තැනක පටු දේවල් ඉල්ලා ගෙන කිසිකෙනක් අරගල කළේ නැහැ. ඒ නිසා මේ මර්දනය දිගටම ගෙන ගියහොත් කිනම් මොහොතක හරි පුපුරා යන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ පාලනයට අපි අවධාරණය කරනවා. එවැනි විනාශයන්ගේ පාඩම් ඉතිහාසයේ ඇති තරම් කියාදී තිබෙනවා. “

“මම මෙතනට ආවේ කොටුව උසාවියේ ඉඳලා. අරගලකරුවන් හැමෝටම මහේස්ත්‍රාත්තුමා ඇප ලබාදුන්නා. පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කළ, කරුණු එකක් වත් අපරාධ චෝදනා නොවෙයි. බය කරන්න ඉදිරිපත් කළ චෝදනා. රටක් වෙනුවෙන් කැපකිරීම් කළ පුද්ගලයන් ලෙස ඔබ හෘදය සාක්ෂියට අනුව කෙලින් කටයුතු කරන්න. පොලිස් නිලධාරීන්ට පාලකයන් ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපදින අයට දඬුවම් විඳීමට සිදුවන බව මතකයේ තියා ගන්නා ලෙස අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගටම පෙනී සිටිනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නෙළුම්වැවේ  උල්පත් අතර තවත් උණුදිය උල්පත් 04ක් මතුවෙයි…

Next Post

මේ ත්‍රස්ත පනත ක්‍රියාත්මක  නොකළ යුත්තේ ඇයි?.  නීතිඥ සංගමය ජනපතිට පෙර කී දෑත් සිහි කරවයි….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.