අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ත්‍රස්ත පනත ක්‍රියාත්මක  නොකළ යුත්තේ ඇයි?.  නීතිඥ සංගමය ජනපතිට පෙර කී දෑත් සිහි කරවයි….

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මානව ධර්මයන්ට පටහැනි කුරිරු නීතියක් වූ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින්  එම පනතේ  විධිවිධාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය   රජයට සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ නොමැති තත්ත්වයක දී  නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කර,   භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස  හකුළුවා සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා   අනිසි ලෙස  එම පනත භාවිත කිරීමේ බරපතල අනතුරක් පවතින බවය.

නීතිඥ සංගමය එමනිවේදනයේ මෙසේ ද කියා සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු කුරිරු නීති සම්පාදනයකි, එය විධායකයට පුලුල් බලතල ලබා දී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගනී. රැඳවුම් නියෝග ශ්‍රේෂ්ඨාධිකරණවල මූලික අයිතිවාසිකම් සහ රිට් අධිකරණ බල සීමාවන්ට අනුකූල වුවද, සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ අවස්ථා මෙන් නොව ඒවා විධිමත් අධිකරණ අධීක්ෂණයකට යටත් නොවේ.

පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමේ දී  පුද්ගලයෙකුගේ භෞතික නිදහස පිළිබඳ පුළුල් බලතල විධායකයට පැවරෙන අතර අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ කාලසීමාවන් මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ රඳවා තබා ගැනීම නිසා රැඳවියා වධ හිංසාවලට හා අමානුෂික සැලකීමට ලක්වීමේ අවදානමක් ද පවතී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත නැවතත් අපයෝජනයට ලක්ව ඇති ආකාරය  මූලික අයිතිවාසිකම් සහ රිට් අයදුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහෝ තීන්දුවලින්  මෙන්ම  2022 මාර්තු 22 වැනි දින  පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාව අනුව වත්මන් ජනාධිපති එවකට පාර්ලිමේන්ත මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන්ම තහවුරු වන බව එම සංගමය කියයි.

එමෙන්ම එදිනම එවකට අධිකරණ ඇමති අලි සබ්‍රි ප්‍රකාශ කර ඇත්තේ      “2021 සැප්තැම්බර් මාසයේ සිට, ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධවන වැරදි හැර වෙනත් වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ තථ්‍ය තහනමක් පනවා ඇති“ බවය.  නිතිඥ සංගමය හැන්සාඩ් වාර්තාව උපුටා දක්වමින්  පෙන්වයි.

ඔවුන් දන්වා සිටින්නේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වෙත යොමු විය යුත්තේ එය භාවිතා කිරීම යුක්ති සහගත කළ හැකි ත්‍රස්තවාදී මානයක් පෙන්නුම් කරන ප්‍රකාශිත සාක්ෂි  සහිත ඉතා සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් බවය. ත්‍රස්තවාදයේ තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීමටත්, දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු රටේ සාමාන්‍ය නීතිය පවතින විරෝධතා වැනි රජයට එරෙහි විසම්මුතිය ප්‍රකාශ කිරීමේදී සිදු විය හැකි වැරදි සම්බන්ධයෙන් කිසිවිටෙකත් අවධානය යොමු නොකිරීමටත්  ත්‍රස්තවාදය වැළැක්වීමේ මූලික එකඟතාවයක් බවය.

එමෙන්ම  අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙන්නේ  ශ්‍රී ලංකා රජය   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ තහනමක් ක්‍රියාත්මක කරන බවට ලෝකයට  සහතික වී  තිබිය දී බව ද නීතිඥ සංගමය අවධාරණය කරයි.

.යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සැලකිල්ලක් දක්වන කරුණක් ලෙස සැලකෙන බව ද   සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම . ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීම නැවත නැවතත් මතු කර ඇති ආකාරය ඔවුන් අවාධරණය කරයි.

මේ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්,  නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයුක්තියට එරෙහිව මගට බහින්නේ  ත්‍රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු! –

Next Post

ජනපති රනිල් හමුවීමට  යන්න ඕන කොහොම ද?. බැසිල්ගෙන් පොහොට්ටුවට  උපදෙස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.