ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇත. මේ වනවට එම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාරැ ගනිමින් පසුවේ.
මෙම රෝගියා ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.
වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් සමාජ රෝගයක් යැයි උපකල්පනය කර ලිංගාශ්‍රිත රෝග සායනයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍යවරු පවසති.
එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් වේද අංශය වෙත යොමුකර තිබුණි.
එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ ආයතනය පවසයි.







