සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිඩ්නි ගිය ශ්‍රී ලංකන් යානයක් පසු කළ මාරකයක් ගැන මාස ගණනකට පසු හෙළි වෙයි

by Lankasara News
නොවැම්බර් 4, 2022
in පුවත්
SriLankan Airlines Airbus
Share on FacebookShare on Twitter

ගුවන් නියමුවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ඒයාර් බස් යානයක් ඉන්දියන් සාගරයට කඩා වැටී මහා විනාශයක් සිදු වීමට තිබූ අවස්ථාවක් නූලෙන් ගිලිහී ගොස් ඇති බව අනාවරණය වෙයි. පසුගිය මාර්තු මාසයේදී බන්දුනීසියාවේ ජකර්තා නුවරට ආසනන් ගුවන් සීමාවේදී මෙම සිදුවීම සිදුව ඇති බව ගුවන් යානා සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කරන ‘ෆ්ලයිට්ග්ලෝබල්’ Flightglobal වෙබ් අඩවිය පසුගියදා මුල් වරට හෙළිදරව් කළේය.

එම වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සේවයට අයත් මෙම එයාර්බස් ඒ 330-300 ගුවන් යානයේ ශ්‍රි ලංකවේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවඑර බලා පියාසර කරමින් සිට ඇති අතර අදාළ අවදානම් සහගත තත්වයට පත් වන අවස්ථාවේදී ගුවන් යානයේ පාලනය සහය නියමුවරයා අත පැවති බව විමර්ශකයින් අනාවරණය කරගෙන තිබේ.

ප්‍රධාන නියමුවා සුලු විවේකයනක් ගන්ා අතරදී සහකාර නියමුවා ගුවන් යානයේ පාලනය සහය ගුවන් නියමුවා වෙත ලබා දී ඇති අතර ඔහු අතින් වැරදීමතින් පැති ස්විචයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් යානයේ උන්නතාංශය වෙනස් වී ගුවන් යානය එක්වරම මිනිත්තුවකට අඩි 5700ක පමණ වේගයෙන් පහතට වැටී ඇත.

මෙම සිදුවීම වෙන අවස්ථාවේ ගුවන්යානය ශ්‍රී ලංකාවේ සිට සිඩ්නි දක්වා, ජකර්තා නගරයට බටහිර දෙසින් අඩි 39 000ක් ඉහළින් ඉන්දියානු සාගරය මතින් පියාසර කරමින් තිබී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වනවිට ගුවන් යානය සිය පියාසැරිය ආරම්භ කර පැය තුනක් පමණ ගතව තිබී ඇති අතර ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විවේක ගැනීමට අසුනින් නැගිට ඇත. ඒ අවස්ථාවේ යානයේ පළමු නිලධාරී නියමුවා සිය සහය නියමුවා (කෲස් පයිලට්) ට යානයේ පාලනය භාර දී ඇත. ඔහු ස්වයංක්‍රීය නියවා විසන්ධි කර දමමින් ඔහු යානයේ පාලනය තමා සතු කරගෙන ඇති අතර ඉන් මිනිත්තු කිහිපයකට පසු ප්‍රධාන නියමුවාගේ අසුන අසළ ඇති උන්තාංශය පාලනය කරන ‘සයිඩ් ස්ටික්’ එක ඔහු අතින් තෙරපී ඇත. එවිට ගුවන් යානයේ නාසය (ඉදිරි කොටස) අංශක 2.8 සිට අංශක 1.1ක ආනතයකින් පහතට හැරවී තිබේ.

එම තත්ත්වය පාලනය කිරීමට යාමේදී යානයේ නාසය අංශයක 5.3ක ආනතියකින් පහතට හැරවී මිනිත්තුවකට අඩි 5700ක වේගයෙන් පහතට වැටී ඇත. පළමු නිළධාරියාගේ ‘සයිඩ්ස්ටික්’ එක යලි නිදහස් කිරීමට මත්තෙන් යානය අඩි 1540ක් පහතට වැටී ඇති අතර යළිත් ‘ස්වයංක්‍රීය නියමුවා’ ක්‍රියාත්මක වීම හේතුවෙන් යානය සාමාන්‍ය උන්නතාංශයට ඉහළට නැඟී නගමන් කරන්නට පටන් ගෙන ඇතැයි විමර්ශකයයෝ පවසති.

උන්නතාංශයේ වෙනස්වීම සම්බන්ධයෙන් ජකර්තා ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවා ඇතත්, යළි නියමු කුටියට පැමිණි ප්‍රධාන නියමුවරයාට ඒ බව පැහැදිලිව පවසා නැත. නියමු කුටියේ ඇති පටිගත කිරීමේ යන්ත්‍රවලට ඇහුම්කන් දුන් විමර්ශකයින් පවසන්නේ සහය නියමුවරයා, ගුවන් සේවයේදී පිළිනොගන්නා භාෂාවක් වන සිංහල භාෂාවෙන් කපිතාන්වරයාට මෙම සිදුවීම පවසා ඇති අතර උන්නතාංශය වෙනස් වීම සම්බන්ධයෙන් පැහැදිලිව පවසා නැති බවයි.

මෙම සිදුවීම වෙන අවස්ථාවේ ගුවන් යානයේ මඟීන් නව දෙනෙකු හා ගුවන් සේවක සේවිකාවන් හත් දෙනෙකු සිට ඇත. ඔවුන් කිසිවෙකුට හෝ ගුවන් යානයට කිසිදු හානියක් වී නැත.

Share69Tweet43
Previous Post

ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හඳුනා ගැනේ…

Next Post

තරු පහේ හෝටලයකට පොලු තැබූ තවත් හිමිනමක් අත්අඩංගුවට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.