ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අයථා ලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති බව පැවසෙන උගන්ඩා රාජ්‍යය මූල්‍ය විශුද්ධිකරණ අපරාධ වළක්වා ගැනීමට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජාත්‍යන්තර ආයතනයක් මඟින් අසාදු ලේඛන ගත කිරීමේ අවදානමකට ලක් ව ඇති බව එරට පුවත් පත් වාර්තා කරයි.
මෙම ජත්‍යාන්තර ආයතනය වන්නේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් ආධාර ලබා දීමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ක්‍රියා කරන ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) ය.
මේ වනවිට FATF විසින් උගන්ඩාව ‘අළු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇති අතර එය විවිධ රටවල් ස්වකීය මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව හෝ අවදානම් මට්ටම සම්බන්ධ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ලැයිස්තුවකි.
වර්ෂ 2018 දී උගන්ඩා මුදල් අමාත්‍යාංශය, මූල්‍ය බුද්ධි අධිකාරිය (FIA) සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලද උගන්ඩාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ අවදානම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතත් එය FATF විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එබැවින් තවමත් උගන්ඩාව අළු ලයිස්තුවේ රැඳී සිටී.
උගන්ඩාවේ මූල්‍ය අංශය මේ වනවිට යුරෝපා සංගමය විසින් අසාදු ලේඛනගත කිරීමට ලක් කර ඇති අතර ඊට පදනම් වූයේ මුදල් විශුද්ධිකරණයට එරෙහි ඵලදායී නෛතික ක්‍රියාවලියක් නොමැති වීමය.
මෙම තත්ත්වය නිසා උගන්ඩාවෙන් ආරම්භ වන හෝ උගන්ඩාවේ මූල්‍ය පද්ධතිය හරහා සිදු කරන ලද ගනුදෙනු ජාත්‍යන්තර පද්ධතිවල වැඩි පරීක්ෂාවකට ලක් වේ. එය ව්‍යාපාරික ගනුදෙනු අවසන් කිරීම ප්‍රමාද වීමට හේතු වේ.
දැනට FATF අසාදු ලයිස්තුවේ සිටින්නේ රටවල් දෙකක් පමණි. ඒ ඉරානය සහ උතුරු කොරියාවය.