පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සිය ගුවන් සේවයෙන් රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 පිළිබඳව වැඩි විස්තර අදාළ භාණ්ඩ තොගය ප්‍රවාහනය සම්බන්ධයෙන් සිය සමාගම ගිවිසුම් ගත වී ඇති ආකාරය අනුව හෙළි කළ නොහැකි බව ශ්‍රි ලංකන් ගුවන් සේවය යළිත් වරක් ප්‍රකාශ කරයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සුලබ වශයෙන් සැරිසරන ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ලෙස පවසා රැගෙන ගියේ අයථා ලෙස උපයන ලද ඩොලර් බවට පළ වන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙම සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලද මෙම මාධ්‍ය නිවේදනයට අනුව 2021 පෙබරවාරි මස 21 වැනිදා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රතාත්තුවක් ලැබී ඇති අතර ඒ වනවිට ගුවන් සේවය පෙළුණු විදේශ විනිමය අවශ්‍යතා සලකමින් මෙම භාණ්ඩ ප්‍රවාහන ඇණවුම ලබා ගෙන ඇත.
එය හුදෙක් ගුවන් සේවයට අත්වන වාණිජමය වාසිය පිළිබඳව සලකා ලබා ගත් ඇණවුමක් වන අතර අදාළ වාණිජ ගිවිසුමට අනුව එම ද්‍රව්‍ය මොනවාද යන්න පිළිබඳව විස්තර ලබා දිය නොහැකි බවට අවධාරණය කරයි.
මෙම ගුවන් සේවය මීට පෙර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ පිළිබඳව විමසූ මාධ්‍යෙව්දීන්ටද මෙම පිළිතුරම ලබා දී තිබිණි.
මේ දිනවල පවතින ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ බව යළිත් ප්‍රකාශ කර තිබේ.
සමාජ මධ්‍ය ඔස්සේ මෙවැනි අදහස් ප්‍රචාරය වෙමින් තිබේ.
https://www.facebook.com/watch/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=677362560179319