විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන සෑම මන්ත්‍රීවරයෙකුටම රාජ්‍ය ඇමතිකමක් හෝ කැබිනට් ඇමතිකමක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන් මුහණපා සිටින ඔවුන්ගේ අනෙකුත් ප්‍රධාන ගැටලුව විසඳනවාට අමතරව ඉහත තනතුරු ලබා දීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට අමතරව ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඔවුන් නම් කරන පුද්ගලයින් වෙත රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඉහළ තනතුරු ලබා දෙන බවට ද එකඟත්වයකට පැමිණ සිටින බව ඉහත ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඉහත තනතුරු වරදාන සහ වරප්‍රසාද මත ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, පක්ෂ 11 මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කරගැනීමේ පුලුල් මෙහෙයුමක් මේවනවිට දියත් වී ඇති අතර ලබන සතිය වනවිට කැබිනට් මණ්ඩලය පත් කරගෙන නැවතූ තැන සිට ආණ්ඩුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයෑමට සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.