පාකිස්ථනයේ මධ්‍ය බැංකුව විසින් පොලී අනුපාත සියය 2.5කින් ඉහළ දැමීමත් සමඟ එරට ආර්ථික කටයුතු අතරමැද නතරවීමකට ලක්ව ඇති බවට චෝදනා එල්ලවේ.
ඒ අනුව මෙම පොලී අනුපාත ඉහළ දැමීමට පාකිස්ථාන වාණිජ මණ්ඩලයේ සභාපති ඉර්ෆාන් ඉක්බාල් ශේක් සිය අසතුට පළ කර ඇත. ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ මෙම පොලී අනුපාත ඉහළයාම එරට සමස්ථ ආර්ථික කටයුතු අතරමැද නවතාදමා ඇත.
මේවන විටත් දැඩි ආර්ථික පරිහානියකට ලක්ව සිටින පාකිස්ථානයට මෙම පොලී අනුපාත ඉහළ දැමීම ඉතාමත් අයහපත් අකාරයෙන් බලපාන බවද ශේක් පෙන්වා දෙයි.
මෙම පොලී අනුපාත ඉහළ දැමීම පාකිස්ථානයේ අපනයන වලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් එය ඉදිරියේදී දැනටමත් ගෙවුශේෂ අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය අසීරු ස්ථානයකට පත්කර ඇති බවද ශේක් සඳහන් කරයි.