විරෝධතාකරුවෝ පිරිසක් ඊයේ (14) සවස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලා විරෝධතාවයක නිතර වූහ.
ශාන්ත බණඩාර වරදාන සහ වරප්‍රසාදවලට ගිජු වී ආණ්ඩුවේ ඇමතිකමක් ලබාගෙන ජනතාව පාවා දුන් බව එම විරෝධතාකරුවෝ කියා සිටියහ.
ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, තරුණ සංවිධානයේ උප සභාපති, ආසන සංවිධායක සහ මධ්‍යම කාරක සභාවේ සාමාජික ධුර දරමින් සිට පක්ෂයේ සියලු එකඟතා කඩ කරමින් ඔහු ආණ්ඩුවේ ඇමතිකමක දිවුරුම් දුන්නේ මුදලට බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේය.
ශාන්ත බණ්ඩාර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ පසුගිය දා දිවුරුම් දුන්නේය.