ඇපල් සමාගම විසින් සිය නවතම ස්මාට් ජංගම දුරකථනය වන අයිෆෝන 13 ඉන්දියාව තුල නිෂ්පාදනය කිරීමට ආරම්භ කර තිබේ. ඒ අනුව ඊට අදාල කොන්ත්‍රාත්තුව චෙන්නායි හී පිහිටි ෆොක්ස්කොන් සමාගමේ සහකාර නිෂ්පාදනාගරයක මෙම දුරකථන නිෂ්පාදනය කරනු ලබිය.
මෙම නව නිෂ්පාදන ගිවිසුමත් සමඟ ඉන්දියාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරලියක් සිදු කිරීමට නියමිත බවද විශ්වාස කරයි. චෙන්නායි නගරයේ නිපදවෙන අයිෆෝන් බොහොමයක් ඉන්දීය වෙළෙඳපොළටම නිකුත් විය හැකිබවද වාර්තා වන අතර ඒ අනුව එය ඉන්දීය වෙළෙඳපොළේ විශාල වෙනස්කමක් කිරීමට බොහෝවිට ඉඩ පවතින බවද විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.
ඉන්දියාව පසුගිය කාලය පුරා සිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් සිදුකරණ අයුරු දැක ගැනීමට හැකිවිය. ඒ අනුව ඇපල් ස්මාට් ජංගම දුරකථන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම 2017 වර්ෂයේ සිට ආරම්භ වන අතර මේවන විට එම නිෂ්පාදන ශක්තිය ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවට තාක්ෂණික ක්ෂේත්‍රයේ විශේසඥයින් පෙන්වාදෙයි.
ඉන්දියාව තුල ඇපල් නිෂ්පාදන සඳහා විශාල ඉල්ලමක් නිර්මාණය වී ඇති අතර ඇපල් අයිෆෝන් 13 ඇමරිකාවේ අලෙවිය ආරම්භ වීමත් සමඟම ඉන්දියාවේද අලෙවිය ආරම්භ කෙරිණි.
මේ අතර ඉන්දියාවේ අලෙවි වන සෑම අයිෆෝන් 4කින් තුනක්ම ඉන්දියාවේ නිෂ්පාදින අයිෆෝන් වීමද විශේෂත්වයකි. එසේම පසුගිය කාලය තුලදී ඉන්දියාව තුල අයිෆෝන් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.