ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නෙක්වන ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර විරෝධතා භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම කරන මෙම සත්‍යග්‍රහයේ පරමාර්ථය පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරණය ඉටුකරගැනීමට බලකිරීමත් බව ඔහු පවසයි.
“ගිය සෙනසුරාදා යුක්තියේ පාගමන නමින් කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනින් ආවා. දුර කිලෝ මීටර 38ක්. ඒ සඳහා පැය 12ක් ගත්තා. පාස්කු ප්‍රහාරයට අවුරුදු 03ක් ගිහින්. ආත්ම 269කට යුක්තියක් ඉටු වෙලා නෑ. ඊට යුක්තිය ඉල්ලලා මා ඒ පා ගමනට එක් වුණා. ඒ වගේම අද මිනිස්සු පුදුමාකාර විදිහට දුක විඳින්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් තමයි මම ඒ පාගමනට එක්වුනේ.
මෙතෙන්ට එන්නෙත් ඒ හේතු දෙකම මත. ඒ වගේම මේ තරුණයො…. ඔවුන් පුදුමාකාර විදිහට අරගලයේ රැඳිලා යුක්තිය පතනවා. ක්‍රීඩකයෙක් විදිහට සමාජය ඉදිරියට ගෙන ගිය කෙනෙක් විදිහට මටත් ඔවුන්ට ශක්තිය දෙන්න පුලුවන් කියලා හිතුනා.
විශ්වාස කරනවා රට ස්ථාවර වෙලා රටේ පවතන හැම දේටම නිසි පිළිතුරක් ලැබේවි කියලා. මේක මගේ රට. මා ක්‍රීඩා කළ රට. ඔබ මගේ දරුවන් වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් රට සුරක්ෂිත විය යුතුයි. මා ඉපදුනා නම් මා සාමකාමීව මැරෙන්න ඕන මේ රටේ. “
පැය 24ක් නිරාහාර සත්‍යග්‍රහය ගැන ධම්මික ප්‍රසාද් අරගල බිමේදී කීවේ මෙසේය.
ධම්මික ප්‍රසාද් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ සමීපතමයෙක් ලෙස දේශපාලන ප්‍රවේශයක් අපේක්ෂාවෙන් සිටි අයෙක් බව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වූවෙකි.
මේ අතර ඊයේ සුපරි ක්‍රීඩක ලසිත් මාලිංග සිය සිය ෆෙස් බුක් ගිනුමේ සටහනක් තබමින් අරගලය රට වෙනුවෙන් බවත් , අරමුණ,අවබෝධය, සහ සාමකාමීත්වය මෙම අරගලය නව වසරේදී තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවත් ලියා තැබුවේය.
“මේ වෙනවිට මගේ රටේ යන්නේ ඉතාම අපහසු කාල පරිච්ඡේදයක්. ඒ අපහසුතාවයන්වලට සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ඔවුන්ගේ අදහස් පල කරන්න ඉතාම සාර්ථක උද්ඝෝෂණයක් අරගෙන යනවා.
මා බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් ඉල්ලන්න ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා හමුදාවේ ගරුත්වය රැකෙන පරිදි සාමකාමී වැඩපිළිවෙළ කරගෙන යන්න අපේ අවශ්‍යතාවය ඉටු වෙනකම්. ලැබුවා වූ මේ අලුත් අවුරුද්දෙ හිතේ තියන ප්‍රාර්ථනාව ඉෂ්ටවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. “
ඔහු වැඩිදුරටත් කීවේය. ලසිත් මාලිංග රාජපක්ෂ පවුලේ ඉතා සමීපතමයෙකි.
https://www.facebook.com/Official.Lasith.Malinga/videos/3107095036172998