අප්‍රේල් 15න් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අපල දුරු වී යහපත් කල දසාවක් උදාවන බවට ජ්‍යොතිෂවේදීන් කිහිපදෙනෙක් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
අගමැතිවරයා පසුගිය සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සියල්ල සූදානම් කරගෙන සිටියත් ජ්‍යොතිෂ වේදීන්ගේ උපදෙස් එම තීන්දුව වෙනස් කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකර ඇති බව අරලියගහමන්දිරයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අනුරාධපුර ඤාණා මැනියන්ගෙන් උපදෙස් නොගන්න අතර කලින් ඔහුගේ දෛවඥයාව සිටි පුද්ගලයාගෙන් පසු වෙනත් දෛවඥයින් දෙදෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්නා බව ද එම ආරංචි මාර්ග කියයි.
අගමැතිවරයාගේ ජ්‍යොතිෂ කටයුතු සම්බන්ධව ජ්‍යොතිෂවේදීන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ අගමැති කාර්යමණ්ඩල ප්‍රධානියා විසින් බවද දැනගන්නට ඇත.
මේ අනුව ජ්‍යොතිෂ උපදෙස්වලට අනුව ශිරන්ති රාජපක්ෂ ඇතුළු පවුලේ ඥාතීන් අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස කළ බලපෑම් කිරීමත්, දේශපාලනික වශයෙන් පොහොට්ටුව අභ්‍යන්තරයෙන් එන ඉල්ලීමත් යන දෙකම සලකා බලා අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමට ගත් තීරණය වෙනස් කරගත් බව ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.