දිනසේන රතුගමගේ –
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට රැගෙන යාමට සූදානම් කොට තිබු රුපියල් කෝටි 12000 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2600 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ කේරළ පොලීසිය විසින් 21 දා අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිතව ඉන්දියාවේ වාසය කරන්නෙකු වන අතර අනෙක් තැනැත්තා පකිස්තාන ජාතිකයෙකි.
කේරලයේ ප්‍රාන්ත පොලීසියට ලැබුණු තොරතුරක් මත වෙරළාසන්නයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය හමු වී අත.
සැකකරුවන් දෙදෙනා හා මත්ද්‍රව්‍ය තොගය කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට කේරළ පොලිසිය පියවර ගෙන තිබේ.







