ආගමික මතවාදයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ රාත්‍රී සිංගප්පූරුවේ සිට පැමිණෙන බවට දන්වා තිබුණද ඔහු අවසාන මොහොතේ සිය ගුවන් ගමන අවලංගු කරගෙන ඇති බව ගුවන් සේවා ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ (21) රාත්‍රි 11.45ට පැමිණීමට නියමිතව තිබූ සිංගප්පූරුව ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව සිටියද ඔහු ගුවන් සේවය අමතා අවසන් මොහොතේ ගමන අවලංගු කර ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු මේ වනවිට සිය පවුලේ සාමාජිකයන් සමඟ සිංගප්පූරුවේ ගත කරන බවට වාර්තා වන අතර ඊයේ (21) මිරිහාන ප්‍රදේශයේ පැවැති සිය ආගම් දේව මෙහෙයකටද වීඩියො තාක්ෂණය ඔස්සේ සජීවීව සහභාගී වෙමින් අද (22) පෙරවරුවේ වනවිට ශ්‍රි ලංකාවේදී තමන් දැක ගැනීමට හැකිවනු ඇති බවට පුකාහ කර තිබුණි.
ඔහු එහිදී තමන් විසින් ප්‍රකාශ කරන ලද දෙයකින් බෞද්ධ කිතුනු හෝ මුස්ලිම් භක්තියකන්ට යම් සිත් රිදවීමක් අපහසුතාවක් වී නම් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව ප්‍රකාශ හ කර ඇත .
බුදුන් වහන්සේ සම්බන්ධයෙන කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වවිට දේවගැතිවරයා පිළිබඳව ජනාධිපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ වත්කම් පිළිබඳවද විමර්ශණයක් සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වද ඔහු ගමන අවංගු කළ හේතුව මෙතෙක් අනාවරණය කර නැත.