ශ්‍රියානි විජේසිංහ –
-
ඇමති රටට විහිළු සපයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ ජාතික රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසයි!
ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝගී තත්ත්වයන් උත්සන්න වී රෝහල්වෙත ප්‍රතිකාර සඳහා නැවත නැවත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ ජාතික රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.
නිදහස් සෞඛ්‍ය සේවාව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය වැඩිව ඇති බැවින් බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 40න් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විහිළු කථා කියන බව හෙතෙම පැවසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අකාර්යක්ෂම කාලය වත්මන් සෞඛ්‍ය ඇමතිවරයගේ කාලය බවත් මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට හොර ගුහාවක් බවට පත්ව ඇති බවත් වෛද්‍ය බෙල්ලන පෙන්වාදේ.
සෞඛ්‍ය අමත්‍යංශයේ සිටින පරිපාලන නිලධාරින්ගෙන් සියටට 90 ක්ම හොරකම්වලට සම්බන්ධ බැවින් මේ සියලුම දෙනා ඉවත් කර මෙම ස්ථානය ශුද්ධ කළ යුතු බවද හෙතෙම පවසයි.







