ශ්‍රියානි විජේසිංහ
සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත කාල සීමාව අවසන් කිරීමට වෘත්තීය සමිතියක් ලෙස ලබන 25 වෙනිදා රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගත හැකි ඉහළම තිරනය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පිළිකාවක් උඩුදුවමින් තිබෙන මොහොතක එය සුව කර ගැනීමට ඉක්මන් ශල්‍යකර්මය කර අතක් හෝ කකුලක් කපා දමා මෙය බේරා ගත යුතු යැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ.
ජනාධිපතිවරයාට මෙම ගැටලුවෙන් මගහැර සිටීමට හැකියාවක් නොමැති බවත් මෙයට වහාම ඉදිරිපත් වී විසදුමක් ලබා දීම අනිවාර්යය බවත් හෙතෙම පෙන්වාදේ.
මේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශ්වාසය බිදවැටුණොත් යාමට තැනක් නොමැති බවත්. කථා කරන මැති ඇමතිවරුට ප්‍රතිකාර ගැනීමට විදේශ රටවල්වලට ජනාධිපති අරමුදල වියදම් කරමින් යා හැකි නමුත් ගමේ මිනිසුන්ට බස්එකේ වියදම හොයාගෙන නගරයට ප්‍රතිකාර ගැනීමට පැමිණීමට බැරිව සිටින බවත් වෛද්‍ය හරිත පෙන්වාදේ.
Immunoglobulin ප්‍රතිදේහ ගනුදෙනු ඉතාමත් බරපතල මෙන්ම ඛේදජනක බවත් මේ රටේ මිනිසුන්ගේ ජීවිත මේ තරම් බල්ලාට දැමූ යුගයක් ඉතිහාසයේ කවරදාව නොතිබුණ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
ඇමතිවරයාට, හා ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට හිනා වෙවි ප්‍රකාශ නිකුත් කිරීමට පුලුවන් තත්තවයක තමන් නොසිටින බවද ලේකම්වරයා පැවසුවේය.









