සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීමේ අල්ලස් සිද්ධිය ගැන සීඅයිඩිය හිටපු ජනාධිපතිගෙන් පැය තුනක ප්‍රකාශයක් ගනී…

හිටපු ජනාධිපතිවරයාගෙන් සහ අතුරලියේ රතන හිමිගෙන් පැමිණිලි....

by editor
අගෝස්තු 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඊයේ (18) සවස පැය තුනකට ආසන්න කාලයක්  පුරා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ මරණ දණ්ඩනයට ලක් වී සිටි අපරාධකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී සිදුවු අල්ලස් ගැනීමක්  සම්බන්ධව කෙරෙන විමර්ශනයක් යටතේ මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

හිටපු ජනාධිපතිවරයා පදිංචිවී සිටින  බෞද්ධාලෝක මාවතේ නිවසට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රකාශය  ලබාගෙන නීතිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වේ.

මෙම අල්ලස් ගැනීම සම්බන්ධව පරීක්ෂණය සිදුවන්නේ හිටපු ජනාධිපතිවරයා සහ අතුරලියේ රතන හිමියන් විසින් සිදුකළ පැමිණිලි දෙකක් පදනම් කරගනිමිනි.

රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශාල අල්ලස් මුදලක් ලබා ගත් බවට සමාජයේ ඇති වී තිබෙන කතාව සම්බන්ධව  රූපවාහිනී සාකච්ඡාවකදී කළ විමසීමට  හිටපු ජනාධිපතිවරයා කීවේ මෙම සමාව ලබා දීම අතුරලියේ රතන හිමියන්ගේ දැඩි අවශ්‍යතාවය මත සිදුවන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිටපු ජනාධිපතිවරයා කීවේ  මේ නිදහස් කිරීමෙන් පසු  තමන් ද සම්බන්ධ කරගෙන අල්ලස් ගැනීමක් ගැන  කතාබහක් ඇති වූ නිසා  බුද්ධි අංශ යොදවා  සොයා බැලූ බවත්,   ඉන් හෙළිදරව් වුනේ  නිදහස ලැබීමෙන් පසු   ජූඩ් ශ්‍රමන්තගේ පවුලේ උදවියගෙන් විශාල මුදලක් යම් පිරිසකට ලැබී ඇති  බවත්ය. මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෙම ප්‍රකාශයෙන් පසු අතුරලියේ රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව  පැමිණිල්ලක් සටහන් කළේය. දැන් ඒ ඔස්සේ විමර්ශන ඇරඹී තිබේ.

රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 වසරේ ජූනි 30 වන දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙළ සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පෙම්වතා වූ ජූඩ් ශ්‍රමන්තට දීර්ඝ නඩු විභාගයකින් පසු වර්ෂ 2012 දී කොළඹ මහාධිකරණය විසින් දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිනි.  .

පසුව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය.

අනතුරුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය  ප්‍රතික්ෂේප කර ඔහුට ලබා දුන්    මරණ දඬුවම ස්ථිර කෙරිණි.

එම වරදකරු ජනාධිපති පොදු  සමාව ලැබ නිදහස් විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිය වසරේ විවාහ ලියාපදිංචිය 2020ට වඩා සියයට 14කින් වැඩි වෙලා…

Next Post

ආර්ථිකය නන්වන්න තරුණයින්ට බේබද්දන් වෙන්න කියන පුදුම රට… ජපානය….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.