ලලිත් චාමින්ද
ඉකුත් වර්ෂය තුළ (2021) මෙරට පුද්ගලයින් 1,62,628 (එක් ලක්ෂ හැට දෙදහස් හයසිය විසි අටක්) දෙනෙකු විවාහ වි ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2020 වර්ෂයේ දි මෙරට විවාහ වි ඇති පුද්ගලයින් ගේ සංඛ්‍යාව 1,43,061ක් ( එක් ලක්ෂ හතලිස් තුන් දහස් හැට එකක්) වන අතර එය 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ දි පුද්ගලයින් 19.567 දෙනෙකුගේ වැඩිවිමක් බවද සංඛ්‍යාලේඛන දත්ත පෙන්වාදෙයි.
2021 වර්ෂයේ දි සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයින් 139,015ක් යුගදිවියට පිවිස තිබු අතර උඩරට නීතිය යටතේ පුද්ගලයින් 127 දෙනෙකු හා මුස්ලිම් නිතිය යටතේ පුද්ගලයින් 23486 දෙනෙකු විවාහ වි තිබු බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තුව පෙන්වා දෙයි.







