කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ තොරතුරු ක්ෂණයකින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙය ඉදිරියේදී නිවැරදි කරගැනීමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියයි.
කෙසේ නමුත් මෙය මිල වැයවන සහ කාලය ගත වෙන ක්‍රමවේදයක් වුවද සෞඛ්‍ය අමාත්‍යංශය එම ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කරනු ඇති බවත් එකවර පැමිණි මෙවැනි වසංගතයකට මුහුණ දීමේදී මෙවැනි ගැටලු මතුවෙන බවද ඔහු පැවසීය.
ඔහු පැවසුවේ කොවිඩ් වසංගතය අනපේක්ෂිත ලෙස එක් වරම අපේ රටට කඩා වැටුනක් බවය.