අභාවප්‍රාප්ත වූ රොනී ද මැල් ගේ දෙවිනුවර නිවස ඊයේ රාත්‍රියේ සොරු බිඳ තිබේ. හිටපු මුදල් අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදුකර සතියක් ඉක්ම යෑමටත් මත්තෙන් මෙම සොරකම සිදුවී ඇත.
නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ වටිනා භාණ්ඩ සහ දේපල සොරාගෙන ඇති බවත් සිද්ධිය පිළිබඳ දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
එ් අතර රොනී ද මැල් ගේ පුද්ගලික ලේකම්වරයා විසින් සිද්ධිය සම්බන්ධව පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇත.
ගන්දර පොලිසියට අමරතව තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුවිම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.







