සිය කීර්තිනාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් වූ බව ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආරක්ෂක ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න විසින් කටයුතු යොදා තිබේ.
අසේල ධර්මසිරි යන අයෙකු ‘ටෘත් විත් චමුදිත’ නැමැති යූටියුබ් නාලිකාව හා එකතු වෙමින් සේම ඔහුගේ මුහුණු පොත් ගිණුම් ගණනාවක් යොදා ගනිමින් තමා ඉලක්ක කර විවිධ අපහාසාත්මක කරුණු මෑතකදී ප්‍රකාශ කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.
ඒ හේතුවෙන් අසේල ධර්මසිරි නැමැත්තාට සේම, ‘ටෘත් විත් චමුදිත’ යූ ටියුබ් චැනලය මෙහෙයවන චමුදිත සමරවික්‍රමට ද එරෙහිව නඩු පැවරීමට ලේකම්වරයා කටයුතු යොදා තිබේ.
මීට අමතරව www.ravanalankanews.lk යනුවෙන් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් මඟින් මෑතකදී ප්‍රචාරය කර ඇති කරුණු මඟින් ද තමා හට අපහාසයක් සිදු වූ බව ප්‍රකාශ කරමින් එම වෙබ් අඩවිය පවත්වාගෙන යන බවට සැලකෙන් ජී.පී නිශ්ශංක යන තැනැත්තාට එරෙහිව ද රුපියල් මිලියන 500ක් වන්දි වශයෙන් ඉල්ලා නඩු පැවරීමට කමල් ගුණරත්න කටයුතු කරන බව වාර්තා වේ







