අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රථම දරු ප්‍රසූතියට පේරාදෙණිය රෝහලට පැමිණි තරුණ මව සිසේරියන් සැත්කමින් පසු මිය යයි!

The cause of the death to be determined after the postmortem

by editor
අප්‍රේල් 6, 2023
in පුවත්
Death
Share on FacebookShare on Twitter

ගන්නෝරුවේ පදිංචි 26 හැවිරිදි තරුණ මවක් සිය ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා    පේරාදෙණිය ශික්ෂණ රෝහල තුළ  සිදුකළ  සිසේරියන් සැත්කමකින් අනතුරුව    අද (06) දහවල් මිය ගොස් තිබේ.

පෙරේදා (04) සිදුකළ සිසේරියන් සැත්කම අතර ඇතිවූ අනපේක්ෂිත සංකූලතා හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මිය ගොස් ඇත.

ඇය දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය රෝහලේ 18 වැනි වාට්ටුව වෙත ඇතුළත් වී ඇත්තේ කිසිම සංකූලතාවයක් නැතිවය.

එහෙත් සිසේරියන් සැත්කම සඳහා නිර්වින්දනය කිරීමට   ලබා දෙන  නිර්වින්දන ඖෂධය ලබා දී විනාඩි කීපයකින් ඇයට සංකූලතා මතුවන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

ඉතාම දැඩි සංකූලතා අතර දරුවා බිහි කර ගැනීමෙන් පසු මව වහාම දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර ඇත. එහෙත් දින පතා තත්ත්වය බරපතල වීමෙන් අනතුරුව අද දහවල් පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළදී මෙම තරුණ මව ජීවිතයෙන් සමුගෙන  ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. මවගේ දේහය  පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබේ.

මේ වනවිට මරණය සිදුවූ ආකාරය ගැන නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. හෙට දහවල් සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව තහවුරු කරගැනීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් දැනට වෛද්‍ය අංශවල අප්‍රකාශිත මතය සිය පූර්ව අත්දැකීම් හා බැඳී ඇති අයුරු පෙනේ.

ලංකාව පුරා  ශල්‍ය නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් ලත් තොරතුරු අනුව පෙනෙන්නට ඇත්තේ රටේ පවතින දැඩි ආර්ථික ව්‍යසනය තුළ එතෙක් සැත්කම් සඳහා භාවිතා කළ ප්‍රමිතිගත බව සහතික කරගත් නිර්වින්දන ඖෂධය වෙනුවට මීට මාස හයක පමණ කාලයක සිට ඉන්දීය අධාර වශයෙන් ලද ඖෂධයක් රජයේ රෝහල්වල ප්‍රධාන නිර්වින්දන ඖෂධය ලෙස භාවිතා කිරීම ඇරඹුන බවය.

නමුත් රජයේ රෝහල් පෙරදී භාවිතා කළ ප්‍රමිතිගත නිර්වින්දන ඖෂධ  බාහිර ඔසුසල්වල මෙන්ම පුද්ගලික රෝහල්වල ද හිඟයකින් තොරව ලබා ගත හැකි වී තිබිණි.

මෙම ඖෂධය බාහිර ඔසුසල්වලින් මිලදී ගෙන දෙන ලෙස වෛද්‍යවරුන් රෝගීන්ගේ පාර්ශවයට කරන ලද නිර්දේශ නැවත වෛද්‍යවරුන්ටම ගැටලු ඇති කළ බවත් එබැවින් දැනට රජයේ රෝහල්වල ඇති ඖෂධය භාවිතා කිරීමට ඔවුන්ට සිදුව ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් දැනට රජයේ රෝහල්වල භාවිතා වන මෙම නිර්වින්දන ඖෂධය භාවිතයෙන් පසු   යම් යම් සංකූලතා මතුවන බව වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර ඒ බව දන්වා ඇතැයි දැනගන්නට ඇත.  මෙම ඖෂධය භාවිතා කිරීමෙන් පසු  ඇතිවූ දැඩි සංකූලතා හේතුවෙන්  මව්වරු දෙපළක් පේරාදෙණිය හා කරාපිටිය රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

දැනට නුවර සහ කොළම ප්‍රධාන ජාතික රෝහල් දෙකෙහි පමණක් මසයකට සිසේරියන් සැත්කම්  700 ඉක්මවා සිද්ධ වෙමින් ඇත.

ඊට අමතරව රටේ අනෙක් ප්‍රධාන රජයේ   රෝහල්වල මසකට සැත්කම් 550කට ආසන්න ප්‍රමාණයක් සිදුවේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා චමුදිත ඇතුළු 03කට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න නඩු දමයි!

Next Post

කුඩු කිලෝ ග්‍රෑම් 196ක් සමග ත්‍රී කුණාමලයේ දී නාවික හමුදාව අත් අඩංගුවට ගත් සැකකරුවන් නිදොස් කොට නිදහස්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.