මෙරට තුළින් විදේශයන් වෙත මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි මස 30 වැනි දා සිට ඉදිරියට මාස 6ක කාලයක් බලපැවැත්වෙන පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
සංක්‍රමණික දීමනා යටතේ ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා විදේශයක සිටින සංක්‍රමණිකයන් විසින් මුදල් ගෙන්වා ගැනීම සීමා කරමින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.









