දිනසේන රතුගමගේ –
මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය විසින් යළිත් වරක් රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් ටිපර් රථයක සඟවාගෙන යමින් සිටියදී සැකකරුවන් තුන් දෙනෙකු සමග 18 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසියට ලද තොරතුරක් මත ඉලුප්පකඩවෙයි සිප්පි ආරු ඇලේ වැලි රැගෙන යාම සදහා යැයි කියමින් පැමිණි ටිපර් රථයක් පරීක්ෂා කිරීමේදි මෙම කේරළ ගංජා තොගය හමු වී තිබේ.
අත් අඩංගුවට පත් වූ සැකකරුවන් තුන් දෙනා වයස අවුරුදු 21,31 හා 44 යන වයස් වල පසු වන අතර ඔවුන් වවුනියාවේ කූමාංකුලම හා තවසිකුලම යන ප්‍රදේශ වල පදිංචි කරුවෝ වෙති.
සැකකරුවන් තුන් දෙනා කෙරළ ගංජා තොගය සමග මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉලුප්පකඩවෙයි පොලීසිය පියවර ගෙන තිබේ.
මන්නාරම ඉලුප්පකඩවෙයි පොලිසියේ නිලධාරීන් විසින් පසු ගිය සතියේද කේරළ ගංජා හා බලපත්‍ර රහිත වියළි කහ තොගයක් අත් අඩංගුවට ගෙන තිබුණි.