ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දින 362ක් තිස්සේ විමර්ශන සිදුකළ හරක්කටා සහ කුඩු සළිඳුගේ රැඳවුම් නියෝග අද (11) දිනයෙන් අවසන් වීමෙන්අනතුරුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිද්ධ වූයේය.
2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 7දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.
ඔවුන් ලංකාවට රැගෙන පැමිණි පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබුවේය. ඔවුන්ගේ රැඳවුම් නියෝග අද අවසන් වී තිබිණි.
රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු “හරක් කටා” සහ “කුඩු සළිඳු” අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි. ඔවුන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා රැගෙන යනු ලැබුවේ ඉන් පසුවය.
ඒ අනුව හරක් “හරක් කටා” කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයටත් කුඩු සළිඳු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කෙරුණි.
කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටා අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.
පානදුර මහාධිකරණ විනිසුරු මාර්තු 25 දිනතෙක් කුඩු සළිඳුව ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තබන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂනියෝග කර තිබිණි.