බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිඳුව මරා දමා විභාගවන නඩු නවත්වා ගැනීමේ STF කුමන්ත්‍රණයක් ගැන සළිඳුගේ නීතිඥවරු අධිකරණයට කියති…

by editor
මාර්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • නඩු ටික විභාග වෙන්න දෙන්න… ඔහුව නිකම් මරන්න දෙන්න බෑ…. විත්තියේ නීතිඥවරු සිය එකම ඉල්ලීම කරති…

විශේෂ කාර්ය බලකාය විසින්  තම සේවා දායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක්  පවතින බවත්, මෙම සැකකරු ඝාතනය කළහොත් දැනට විභාගයට ගෙන ඇති  නඩු ගණනාවක්  විභාගවීම වැළකී යන හෙයින්  ඔහුව ඝාතනය කර නඩු විභාගවීම් වළක්වා  ගැනීමේ උත්සාහයන් වළක්වා දෙන ලෙසත්   සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු අද (11) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිට කුඩු සළිඳුව අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ දින 362ක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ප්‍රශ්න කළ පසු ඔවුන්ගේ  රැඳවුම් නියෝගය නිමා වූ පසුය.

සැකකරු අධිකරණයට රැගෙන පැමිණියේ  පොලිස් සහ   පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව සහිතවය.   පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, දැඩි ලෙස ආරක්ෂා කර තිබිණි.  ආරක්ෂක බැම්ම ආසන්නයේ සහ මාර්ග සියල්ල ආවරණය වන පරිදි, ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබිණි. එය කැපී පෙනෙන තත්ත්වයක් වූයේය.

වසරක් රැඳවුම් භාරයේ තබා ගැනීමට අධිකරණයෙන් අවසර ගෙන තිබූ සැකකරු  සම්බන්ධයෙන් ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය. පොලිසිය කීවේ සැකකරු සම්බන්ධයෙන් අංක 96863 දරණ නඩුවට අමතරව තවත් අපරාධ නඩු හතරක්  පවතින බවය.

මෙහෙදී කුඩු සළිඳු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ජාලිය සමරසිංහ   අධිකරණය ඉදිරියේ එකම එක ඉල්ලිමක් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ස්වාමීනී මාගේ සේවාදායකයා මරාදැමීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය ඔහුව මරා දමන බවට සඳහන් කර තියෙනවා. ඔහුට විරුද්ධව ඇති නඩු අහන්න වෙන්නේ ජීවත්ව සිටියහොත් පමණයි. මගේ සේවාදායකයාට නිකම් මැරෙන්න බැහැ. ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පවතින බූස්ස බන්ධනාගාරයේ ඔහු රඳවා තැබීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්.”

“එපමණක් නොවෙයි, සැකකරු මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඔහුගේ මව විසින් අංක 24999/23 යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කර තිබෙනවා .එබැවින් ඔහුගේ නඩු බොහෝමයක් මෙම අධිකරණයේ විභාග වන බැවින් මෙම බලප්‍රදේශයට අයත් කළුතර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගරු අධිකරණයෙන් කරන එකම ඉල්ලීම ලෙස ඉල්ලා සිටිනවා”

ඒ අනුව අධිකරණයේ හමුවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන කළ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ) නියෝග කළේය.

සැකකරුව ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස  මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැන්වූයේය.

ඉදිරි නඩු වාරයේදී සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වුවහොත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට සූදානම් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් හාල් බෙදලා ඡන්ද ගන්න හදන්නේ 69 ලක්ෂයක ජනවරමක් සහිත  ජනාධිපතිවරයෙක් ගල් කැටයක් අතින් නොගෙන පළවා හළ ජනතාවකට… ඔහු හිතන්නෙ තවමත් ඉන්නේ පරණ මිනිස්සු කියලා! – අනුර කුමාර දිසානායක…

Next Post

රැඳවුම් නියෝග කල් පනී… හරක්කටා සහ කුඩු සළිඳු සී.අයි.ඩියෙන් රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.