මහර බන්ධනාගාරයේ මෙන්ම සෙසු බන්ධනාගාරවලද නිර්මාණය වී ඇති උණුසුම්කාරී තත්ත්වයන් පසුපස ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට හෙළිදරව් වී ඇති බවත් මෙම තත්ත්ව පාලනය කිරිමට පියර ගන්නා අතරේ ඔවුන් සම්බන්ධයෙන්ද අදාළ පියවර ගන්නා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහ සිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට පැවසුවාය.
මහර බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් වසංගතය පාදක කරගෙන මෙම රැඳවියන් සියලු දෙනාම එකවර මහර බන්ධනාගාරය බිඳගෙන පළා යාමට තැත් කළ බවය. 3200ක් පමණ මෙම බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා සිර කුටි බිඳගෙන දේපළවලට හානි කරමින් පළා යාමට කටයුතු කළ බවට තමන්ට වාර්තා වී ඇති බවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමට සිදුව ඇතිබවත් ඇය සඳහන් කළාය.
මේ වනවිට දිවයිනේ තවත් බන්ධනාගාර කිහිපයකම රැඳවියන් මේ ආකාරයෙන්ම කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පවති බවට වාර්තා වීමත් සමඟ එම තතත්ව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් මෙම තත්ත්ව නිර්මාණය කිරීම පසුපස බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට තමන්ට වාර්තා වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.