මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද උදෑසන වන විටත් අවසන් වී නොමැති අතර මේ වනවිටත් රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙන බවත් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මේ වනවිට පුද්ගලයන් 06 දෙනකු මිය ගොස් ඇති අතර 37 දෙනකු තුවාල ලබා තිබේ. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් 3200ක් පමණ රඳවා සිටියේය. සිද්ධිය උණුසුම්ව ඇවිලෙන්නේ ඊයේ දිනයේ මහර බන්ධනාගාරයෙන් අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 183 සමගිනි. ඒ වනතුරු මහර බන්ධනාගාරයෙන් වාර්තා වී තිබුණේ කොවිඩ් ආසාදිතයන් 15ක් පමණි.
මේ තත්වය පසුබිම් කරගෙන ඊයේ සවස් භාගයේ පටන් ආරම්භ වූ මෙම උණුසුම්කාරී තත්ත්වය ගැටුමක් දක්වා උත්සන්න විය. මේ තත්ත්වය මත රැඳවියන් තම සිර කුටි කඩාගෙන පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ දේපලවලට ගිනි තැබීමක්ද සිදුකොට තිබිනි. ගිනිගත් දේපළ අතර බන්ධනගාර ලේඛනාගාරයද පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර නිලධාරීන් ද ප්‍රාණ ඇපයට ගනිමින් ඔවුන් කටයුතු කර ඇති අතර ඊයේ රාත්‍රිය පුරාම රැඳවියන් කලහකාරී ලෙස හැසිරී ඇත. තත්ත්ව තවමත් සම්පූර්ණයෙන් පාලනය කොට නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නොසන්සුන්තාව පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ වනවිට බන්ධනාගාරය අවට පොලිසිය සහ විහේෂ කාර්ය බලකාය රඳවා ඇති අතර තවදුරටත් මෙම තතත්වය පාලනය කිරීම අපහසු වුහොත් වෙනත් වෙනත් කණ්ඩායම් ද මෙම සථානයට යෙදවීමට බලාපොරොත්තු වන බවය.
තවදුරටත් කියවන්න…
https://lankasara.com/පුවත්/බන්ධනාගාර-නිලධාරීන්-පිරි/