නතාෂා නෙත්මිණී –
මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරිම සඳහා ආරක්ෂක අංශ ඩ්‍රෝන කැමරා උපයෝගි කර ගනිමින් සිටින බවට වාර්තාවේ.
මහර බන්ධනාගාරය තුළ රඳවා තබා ඇති රැදවියන් ගැන සොයාබැලිමට පැමිණී ඔවුන්ගේ ඥාතීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසීය සහ විශේෂ කාර්ය බලකයේ නිලධාරීන් කටයුතු කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
බන්ධනාගාරය තුලින් අද (30) උදෑසන 8.22 සහ 7.35ට වෙඩි ශබ්ද ඇසුණු බවද පැවසේ.
මෙම සිද්ධියේදී රැදවියන් 50ට ආසන්න පිරිසක් පැන ගිය බවට ප්‍රදේශවාසීන් සදහන් කරන බවද එම වාර්තාවේ තවදුරටත් අනාවරණය කරයි.