ශ්‍රියානි විජෙසිංහ
ඩෙංගු මර්දනය කටයුතු සඳහා තම රැකියා ආයතනයන් පිහිටි පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට සතියේ එක් දිනක් වෙන්කිරිමට ඩෙංගු මර්දන අනුකමිටුවේ ඊයේ (14) තීරණය කළේය.
මීට අදාාල චක්‍රලේඛය තව දින කීපයකින් නිකුත් වනු ඇති.
රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා තම තමන්ගේ රැකියා ස්ථානයන් සතියේ එක්දිනක මුළුමනින්ම පිරිසිදු කර ගැනිමට අදාල ආයතනයේ සේවක පිරිස කටයුතු කළ යුතු බව අනුකමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පැවසීය.
මෙම ආයතනයන්, පූජ්‍ය ස්ථානයන්, පාසල්, පොදු ස්ථානයන් පිරිසිදු කර ගත යුතු අතර මේවා අධීක්ෂණය කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ මහජන පරෟක්ෂකවරයා විසින් සිදුකරන ඇති බවද සභාපතිවරයා අවදාරනය කරයි.







