ලලිත් චාමින්ද –
ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන දුම්රියෙන් ඩිසල් ලිටර් පහමාරක් සොරකම් කරගෙන ඔවුන්ගේ කුටිය දෙසට යමින් සිටි දුම්රිය භාණ්ඩ පරික්ෂකවරුන් දෙදෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් ඊයේ (14) අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදි ඇත.
මාගාල්ලේ පිහිටි තෙල් සංස්ථාවේ ගබඩාව වෙත ඉන්ධන බෑමෙන් අනතුරුව මෙකි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නතරකොට තිබි ඇත.
ගාල්ල දුම්රිය ස්ථානයේම සේවය කරන භාණ්ඩ පරික්ෂකවරුන් දෙදෙනෙකු විසින් ඩිසල් සොරකම් කරගෙන ඔවුන්ගේ කුටිය වෙත යමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් ඩිසල් සමග ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ගාල්ල පොලිසියට භාර දි ඇති අතර ඔවුන් අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.







