විදේශීය සංචාරකයන් 12 දෙනෙකුගේ කණඩායමක් සමග රාවණා ඇල්ල නැරඹීමට පැමිණි 23 හැවිරිද ඊශ්‍රයාල් ජාතික තරුණියක් පය ලිස්සා වැටී අනතුරට ලක් වීමෙන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මෙම තරුණිය රාවණා ඇල්ල උඩ කොටසට නගින්නට යෑමේ දී පය ලිස්සා අඩි 10ක් පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් මෙසේ බරපතල තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
අනතුරුව තරුණිය වැල්ලවාය මූලික රෝහලටත්, එතැනින් මොනරාගල දිස්ත්‍රික් මහරෝහලටත් මොනරාගල දිස්ත්‍රික් රෝහලින් බදුල්ල මහරෝහලටත් මාරු කර යවා තිබේ.
තරුණිය මේ වනවිට බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.