අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇති පුද්ගලයා දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම නතර කිරීම සුදුසු බව පරිසර ඇමති මහින්ද අමරවීර කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ පැවති මාධය හමුවක් අමතමිනි.
“ මේ වෙලාව එක්සත් ජාතීන්ගෙ සංවිධානය රටේ මානව හිමිකම් ගැන කතා කරන වෙලාව. එවැනි අවස්ථාවකයි මේ සිදුවීම වෙලා තිබෙන්නේ. එහෙම දෙයක් වෙලා තියනවා නම් එය සුදුසු දෙයක් නෙමෙයි. මේ සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා තීන්දුවක් ගනීවි. මේ හැසිරීම මහජන නියෝජිතයෙකුට උචිත කාර්යයක් නෙමෙයි.“ ඔහු වැඩිදුරටත් කීවේය.