කලුතර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ රෝහිත අබේගුණවර්ධනට වඩා තමාට මනාප ඡන්ද හිමිවිය යුතු යැයි පවසමින් නැවත මනාප ඡන්ද ගණන් කිරීමට තමා පියවර ගන්නා බව සමගි ජනබලවේගයේ සිට නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක් වූ දොස්තර රාජිත සේනාරත්න තම පාක්ෂිකයන්ට පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මනාප ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ඔහුට සැකයක් ඇති බැවින් මෙවැනි තීරණයක් ගැනීමට අදහස් කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
කෙසේ නමුත් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටින කාලයේදී කොළඹ ජාතික රෝහලේ සේවය සඳහා කලුතර දිස්ත්‍රික්කයෙන් යොමුකළ සේවක පිරිසවත් මැතිවරණය ආසන්න කාලයේදී ඔහුගේ දේශපාලන රැස්වීමටක හෝ කැඳවා ගැනීමට නොහැකි වී ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.
මැතිවරණ කටයුතු අවසන් කිරිමට නියමිත තිබූ දිනට දින දෙකකට පෙර ඔහු සහභාගිවන මැතිවරණ රැස්වීමකට කොළඹ ජාතික රෝහලේ සේවක පිරිසක් කැඳවාගෙන එන ලෙස දන්වමින් බස්රථයක් එවා තිබුණද එම බස් රථයට සේවකයින් 5දෙනෙකුවත් නැග නොමැති බව ද පැවසේ.
මෙම මැතිවරණ රැස්වීම් ගමන සංවිධානය කර ඇත්තේ ජාකින රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයෙක් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජිත සේනාරත්න කලුතර දිස්ත්‍රික්කයේ තම පාක්ෂිකයන් 8000ට රැකියා ලබා දී ඇති නමුත් එසේ රැකියා ලබා දුන් පුද්ගලයින් පවා මෙවර ඔහුට මනාප ලබා දි නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.







