රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම සේවකයින් ප්‍රමාණය අඩු කිරීමේ වැඩපිළිවෙළක් රජය දියත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේය.
එම වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස සේවක ස්වයං විශ්‍රාම ගැන්වීමක් ක්‍රියාත්මක කරන බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.
“සම්පුර්ණ සේවක සංඛ්‍යාව සෑම ආයතනයකම අඩු කිරීම සඳහා මේ දිනවල වැඩපිළිවෙළක් ක්‍රියාකරගෙන යනවා ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්න.“
“ඒකට මහා භාණ්ඩාගාරය උපදෙස් දීලා තියෙනවා සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා තියෙනවා. “
ඇමතිවරයා කීවේ රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදුනොකරන බවත් දැනට රාජ්‍ය සේවයේ ඉන්නා නිලධාරීන්ගෙන් ඇතිවන පුරප්පාඩු පුරවා ගන්නා බවත්ය.
එසේ කිරීමෙන් පසු ඉතිරිවන අතිරික්ත සේවක පිරිස ස්වයංව විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන බව ඇමතිවරයා පැහැදිලි කළේය.