කොළඹ බේරේ වැව නොමිලේ පිරිසිදු කර අලංකාර කිරීමේ ව්‍යාපෘතිය භාර ගැනීමට ජපාන සමාගමක් කැමැත්ත පළ කර තිබේ.
සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අනුව, මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ව්‍යාපෘතියක් ආරම්භ කළ දින සිට මාස හයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරේ.
බේරේ වැව සම්බන්ධයෙන් ගංගාරාම විහාරාධිපති පූජ් ආචාර්යය කිරින්දේ අස්සජී නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අවධානය යොමු කරමින් ජපන් සමාගම මෙම සත්කාරය සඳහා කැමැත්ත පලකර තිබේ.