සූප ශාස්ත්‍ර යූ ටියුබ් චැනලයක් වන ‘අපේ අම්මා’ ආසියාවේ හා ඕෂනියා කලාපයේ ඉහළම ඉපැයුමක් ලබන ‘යූ ටියුබ්’ නාලිකාව ලෙසට ‘කෑෂ්නෙට්යූඑස්ඒ.කොම්’ (CashnetUSA.com) වෙබ් අඩවිය මඟින් නම් කර තිබේ.
ඉහළම අදායාමක් ලබන සමාජ මාධ්‍ය ජාලය සෙවීමේ ලෝක ව්‍යාප්ත සමීක්ෂණයකින් අනතුරුව මේ බව හෙළිදරව් කරගෙන ඇති අතර මේ වන විට ‘අපේ අම්මා’ චැනලය ඇමරිකානු ඩොලර් 962 386ක ආදායමක් උපයාගෙන ඇති අතර 2023 ජනවාරි 30 වන විට නාලිකාවේ ග්‍රාහකයින් (Subscribers ) සංඛ්‍යාව මිලියන 2.72කි.
60 හැවිරිදි පුහුණු උපාධිධාරී ගුරුවරියක විසින් පවත්වාගෙන යන මෙම සූපශාස්ත්‍ර චැනලය ආරම්භ වී ඇත්තේ 2016 අප්‍රේල් 15 වැනිදාය. මෙහි ශ්‍රී ලාංකේය ආහාර වට්ටෝරු සකස් කරන ආකාරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති අතර ‘අපේ අම්මා’ ට අමතරව තවත් යූ ටියුබ් චැනල තුනක් ඇය විසින් පවත්වාගෙන යනු ලබයි.
මෙම චැනලයේ නැරඹීම්වලින් සියයට 30කට පමණ ආසියා පැසිෆික් කලාපය දායක වෙන අතර දකුණු කොරියාව හා ඉන්දියාව ඒ අතර ඉදිරියෙන්ම සිටින බව ‘කෑෂ්නෙට්යූඑස්ඒ.කොම් ’ වෙබ් අඩවිය හෙළිදරව් කළ බව ‘ඩේලි මිරර්’ පුවත්පත පවසයි