රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 13 වැනි දා සඳුදා දින රජයේ කාර්යාල සේවකයින්ට විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ 14 දා අඟහරවාදා පොසොන් පොහොය නිමිති කර ගෙන නිවාඩු දිනයක් නිසා මෙසේ පෙර පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නේ පවතිනන ප්‍රවාහන හා ආර්ථික අර්බුදය හේතුවෙන් බව අමාත්‍යාංශය කියයි.
ආර්ථික අර්බුදය නිසා පොදු ප්‍රවාහන පද්ධතිය සහ කාර්යාල කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කළ බව අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම ගැටළු පදනම් කර ගනිමින් ජුනි මස 13 වන සඳුදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය සේවා සඳහා එය බලපාන්නේ නැති බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.








