රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ගාලු මුවදොර එල්ල කළ ප්‍රහාරය මොහොතේ අරගලකරුවන් වෙනුවෙන් එහි ගිය තමන් රාජ්‍ය මැරයින්ගේ ප්‍රහාරයෙන් බේරුණේ අසීරුවෙන් බවත් තමන්ට කිසිදු තුවාලයක් එයින් සිදුවූ නොවූ නමුත් රජයෙන් ලබා දුන් නිල රථයට එයින් හානි සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමන් ප්‍රහාරය එල්ප වූ ආරංචිය අනුව එහි ගියේ මේ ප්‍රහාරයට විරෝධය දක්වමින් අරගලකරුවන් සමඟ එකට සිට ගන්නට බවත් ඒ මොහොතේදී තමන්ට රාජ්‍ය මැරයන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද බවත් ඔහු පැවසීය.
“ඒ අවස්ථාවේ මැර කණ්ඩායම් මම පාරේ ඇවිදගෙන යන්නට හදනකොට මට ප්‍රහාර එල්ල කළා. ප්‍රේමදාසලා කවදාවත් මැරවරයින්ට ත්‍රස්තවාදීන්ට බය නෑ. මම ගියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ මරු පහරවල්වලට එරෙහිවයි.ඒ අරගල කණ්ඩායම් සමග එකට හිට ගන්නටයි. මම ගියේ රාජ්‍ය ත්‍රස්තවාදීන් මට පහර දුන්නා. නිල රථයට පහර දුන්නා. රාජ්‍ය දෙපළ විනාශ කළා. බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. කිසිම තුවාලයක් වුණේ නෑ. නමුත් වාසනාවන්තයි බේරෙන්න ලැබුණා. වීදුරු කටු ගණනාවක් කමිසයේ තැවරී තිබුණා.“