ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව අත්සන් දසලක්ෂයකින් යුතු මහජන පෙත්සමක් අත්සන් කිරිම අද දහවල් 12.00ට විකිනීමට අපේක්ෂිත ප්‍රධාන ආයතනයන් ඉදිරිපිටදී ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අනුප ලන්දුල ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.
මෙම මහජන පෙත්සම අග්‍රවිනිශ්චයකාරවරයාට භාර දීමට තීරණය කර ඇති බවත් එම පෙත්සම හරහා රාජ්‍ය දේපල විකිණීම නරත කිරිමට නිතිමය ක්‍රියාමාර්ගයන්ට යාම අරමුණ වී ඇති බවත් හෙතෙම පැවසුවේය.
මහජන පෙත්සම අත්සන් කිරිම කොළඹ ගල්ල, මාතර, මඩකලපුව, අනුරාධපුරය, නුවර, ඇතුළු දිස්ත්‍රික්ක 10කප්‍රධාන නගරයන් හී අද දහවල් 12.00ට ආරම්භ කළ බවද හෙතෙම පැවසුවේය.
ලාභ ලබන ආයතනයන් විකිණීමට බරපතල තත්ත්වයක් බවද පෙන්වාදෙන ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ඇතැම් රාජ්‍ය ආයතනයන්ගේ වත්කම් විකිණීමට ආණ්ඩුව මේ වන විට උපක්‍රමශීලීව කටයුතු කරමින් පවතින බවද පෙන්වාදේ.
වෘත්තියකයන්ගේ ජාතික පෙරමුණ හා විකිණීමට නියමිතව තිබනෙ වෘත්තීය සමිති එක්ව මෙම පෙත්සම අත්සන් කිරිමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.









