ලංකාසර ඊයේ (11) වාර්තාකළ ආකාරයට කාලගුණ පුරෝකථන සැබෑ කරමින් ඇද හැලුන ධාරාණිපතා වර්ෂාව විස්සයි 20 ලෝක කුසලානයේ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය සොදා හැරියේ ය.
ඒ අනුව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවසන් අවස්ථාවත් අද (12) ගිලිහී ගියේය.
ශ්‍රී ලංකා – නේපාල තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට ෆ්ලොරීඩා හි බ්‍රොවාඩ් කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණි. ධාරානිපාත වර්ෂාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6ට තරගය අත්හැර දමන බව තරග තීරකවරු නිවේදනය කළහ.
ඩි ඛාණ්ඩයේ තරග වැදි කණ්ඩායම් වූයේ දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය ය. අද තරගය සේදී යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් සුපිරි වටයට තේරීමට සැකසෙන සූත්‍රයේ පළමු කොන්දේසිය වුනේ මේ තරග දෙකේම අනිවාර්යය ජයග්‍රහණය ය. ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය හා නෙදර්ලන්තය සමග තරග කර අනිවාර්යයයෙන් ඉහළ ලකුණු සාමාන්‍යයක් සමග තරග දෙකම ජය ගත යුතු විය.
දෙවැන්න දකුනු අප්‍රිකාව තරග හතරම ජයග්‍රහණය කළ යුතුවිමය.
තැවැන්න නේපාලය තරග හතරම පරාජය විය යුතු වීමය.
තුන්වැන්න නෙදර්ලන්තය බංගලාදේශය පරාජය කළ යුතු වීමය.
ලොවෙත් නැති මේ කොන්දේසි සියල්ල හරහා යන්නට නොදී අද නේපාලය සහ ශ්‍රී ලංකාව අතර තරගය වැස්සට හේදුනේය. ශ්‍රී ලංකාවට සහ නේපාලයට ලකුණ බැගින් ලැබුනේය.
දැන් අපේ තරගය වෙනස් වී තිබේ. අපි ඉන්නේ ඩී ඛාණ්ඩයේත් අවසන් තැනය. තරගය නේපාලයටත් පහළට නොවැටී ලෝක කුසලානය අවසන් කිරීමය.









