රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට පැන ප්‍රහාර එල්ල කළ පුද්ගලයා වැවිලි අමාත්‍යාංශයේ සේවය කරන පුද්ගලයෙක් බවත් ප්‍රහාරය සඳහා පැමිණි වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා ප්‍රහාරකයන් රැගෙන පැමිණි පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වාහනයේ රියදුරු බව කියැවේ.
වාහනය අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය පීඨය තුළ දී ය.
මෙම පහර දීමෙන් වෛද්‍ය සිසුන් සිව් දෙනෙක් තුවාල ලබා තිදෙනෙක් රාගම රෝහලටත්, එක් ශිෂ්‍යයෙක් මීගමුව රෝහලටත් ඇතුළත් කර තිබේ. මීගමුව රෝහලට ඇතුළත් කළ ශිෂ්‍යයා විශේෂ වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක් කර තිබේ.
තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව පොලිසිය කියයි.







