මාතර – උදය
“පොලිසිය ඉන්නේ දේශපාලනය කරන්න නොවෙයි… නීතිය ක්‍රියාත්මක කරන්න… පැමිණිල්ලේ පලවෙනි සාක්ෂිකාරිය ගේ ගර්භනී තත්වය සලකා නොබලන්න විත්තිකරුවන්ට වන්දි ගෙවීමට නියම කරනවා…“ විරෝධතාකරුවන් 13ක් නිදොස්කොට නිදහස් කරමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පොලිසියට කියයි.

පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුවත් දේශපාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් එමෙන්ම ආණ්ඩුවට එක නීතියක් සහ විපක්ෂයට එක නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ජනතාවට හිංසා කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද ( 02) දින පැවති නඩු විභාගයක තීන්දුව ලබාදෙමින් ලබා දෙමින් පැවසීය.
පසුගිය වසරේ ජූලි 8 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් අකුරැස්ස නගරයේදී පැවැත්වූ විරෝධතාවයේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා දෙකකට විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කළේය .
ඉන් අනතුරු අවස්ථා දෙකකදී නඩු විභාග වූ අතර අද 02 දින නැවත එම නඩු විභාගය සැලකිල්ලට ගත් අවස්ථාවේදී භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමක් බව පිළිගත් අතර අපරාධමය වරදක් ලෙස පෙන්වීමට බලවත් සාක්ෂි තිබිය යුතු බවත් එවැනි සාක්ෂි කිසිවක් මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පවසමින් විත්තිකරුවන්ට දහ තුන්දෙනාම නිදොස් කර නිදහස් කළේය .
කොතලාවල පනතට විරෝධය පළ කිරීම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ජීවන බර ඉහළ දැමීම පොහොර සහනාධාරය ලබා නොදීම යන කරුණු හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 2021 ජූලි මස 8 වන දින කුරැස්ස නගරයේදී මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේය. එදින අකුරැස්ස පොලිසිය මගින් විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කළේය .
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයන්ත පතිරණ අදහස් දක්වමින් මෙසේ පැවසීය .
අකුරැස්ස ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වපු උද්ඝෝෂණයේ දී නිරෝධාය නීති උල්ලංඝනය කළ බවට නඩුවක් පවරලා තිබුණා . චෝදනා දෙකක් යටතේ . එහි දී ගරු අධිකරණය අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කලා. එම නියෝගයට හේතු වශයෙන් පෙන්වා දුන්නේ විත්තිකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කළ මූලික අයිතියක්වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමාවක් ඒ වන විට පනවා නොතිබීම. එ
වැනි අවස්ථාවක මුල් අයිතිවාසිකමක් ලෙස පිළිගත්ත අදහස් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ අපරාධමය වරදක් තහවුරු කරන්න නම් බලවත් සාක්ෂි තිබිය යුතු බවත් එවැනි සාක්ෂි කිසිවක් මෙම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ප්‍රකාශ කරමින් නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු මහේස්ත්‍රාත්තුමා අධිකරණයේ අමත මින් ප්‍රකාශ කළා.
පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් දේශපාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ වගේම ආණ්ඩුවට එක නීතියකුත් විපක්ෂයට තවත් නීතියකුත් ලෙස දෙයාකාරයකින් නීතිය යාත්මක කළ නොහැකි බවත් මෙම පැමිණිල්ලේ පලවෙනි සාක්ෂිකාරිය ගේ ගර්භනී තත්වය සලකා බලා එය නොතිබෙන්නට විත්තිකරුවන්ට වන්දි ගෙවීමට නියම කළ යුතු නඩුකරයක් බවත් ජනතාවට මේ වගේ හිංසා නොකළ යුතු බවටත් මහෙස්ත්‍රාත්තුමා විවෘත අධිකරණයේ දී කියා සිටියා . “
“විශේෂයෙන්ම මේ අධිකරණ කලාපය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි හැසිරෙන්නට පොලිසියට අවස්ථාවක් නැති බව ප්‍රකාශ කරමින් සියලු දෙනා අද නිදොස් කොට නිදහස් කළා.“







