ශ්‍රියානි විජේසිංහ –
රාගම රෝහලේදි පසුගිය සතියේදී එන්නත විසවීමෙන් 23 හැවිරිදි එක්දරු මවක් මියයැමේ සිද්ධියට හේතු වු amoxiclav නැමැති එනන්ත මීට පෙරද බරපතල අසාත්මිකතාවයන් ඇති කළ එන්නතක් බවට පැමිණිලි ලැබි ඇති නමුත් එම පැමිණිලි බැහැර කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව විධිමත් සායනික විමශෂනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.
එන්නත අසාත්තිමි වී මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි එක් දරු මවකි. විෂබීජයක් නිසා ඇයට ලබා දුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇය මිය ගොස් ඇති බව මරණ පරීෂණය මගින් තහවුරු වී තිබිණි.
තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසකා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.