සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යයට රහසින් මුතු රාජා හෙට යළි මව් රටට යයි… ගමන යන්න රුසියන් ගුවන් යානය කටුනායකට එයි!

by editor
ජූලි 1, 2023
in පුවත්
Muthuraja
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

නැවත සිය මව් රට බලා යන මුතුරාජා හස්ථියා හෙට අලුයම තුනට තායිලන්තය බලා යන ගමන තායිලන්ත තානාපතිවරයාගේ ඉල්ලීම අනුව  ආවරණය කරන්නට මාධ්‍යයට ඉඩ නොදීමට ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර ඇත.

තානාපතිවරයාගේ ඉල්ලීම මත එම ගුවන් ගමන ආවරණය කරන්නට ඉඩ නොදෙන බව ගුවන්තොටුපල කළමනාකාරිත්වය මේ වනවිට මාධ්‍ය වෙත දන්වා තිබේ.

මුතු රාජා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම සඳහා රුසියාවේ මොස්කව් නුවර සිට විශේෂ  Ilyushin IL-76  ගුවන් යානයක් ඊයේ රාත්‍රී 11.30ට කටුනායකට පැමිණ තිබේ.

අද දහවල් මුතුරාජාට සෙත් පතා විශේෂ ආගමික වතාවත් සහිත පුණ්‍යකර්මයක් දෙහිවල සත්වෝද්‍යානයේ දී පවත්වා තිබේ. එම අවස්ථාව ආවරණය කිරීමට ද මාධ්‍යයට ඉඩ ලැබී නැත.

අද අළුයම 03ට පමණ මුතු රාජා හස්ථියා දෙහිවල සිට කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන යෑමට නියමිතව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Ilyushin IL-76 ගුවන් යානය ටොන් 3.5 ක් බරැති ඇත් රජු රැගෙන කටුනායකින් ගුවන්ගත වී  හෙට තායිලන්තයේ Chiang Mai ගුවන්තොටුපල වෙත ලගාවීමට නියමිතව තිබේ. ඔහුගේ දිගු ඇත් දළ නිසා, ප්‍රවාහන කණ්ඩායම ගුවන් ගමනේදී ආක්ෂාව සඳහා සීමිත චලනයක් ඇති කරගත හැකි අන්දමට මුතු රාජාගේ කකුල් අගුලු දමනු ඇති බව වාර්තා වේ.   .

Ilyushin IL-76 වර්ගයේ ගුවන් යානයක්.

තායිලන්තයට ලඟාවීමෙන් පසු දින 14 ක නිරෝධායන කාලයකින් අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ Chang Lampang රෝහල වෙත යැවීමට නියමිතව ඇත.

තායිලන්ත රජුගේ රාජ්‍ය තාන්ත්‍රික තෑග්ගක් ලෙස ලැබී  කන්දෙ විහාරයට අයිතිව වසර 21ක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ 30 හැවිරිදි  මුතු රාජ   තායි රටේ හැඳින්වූයේ  “ප්ලයි සක්සුරින්”  නමිනි.

ලංකාවේ දී අනන්ත වද බන්ධනයට ලක්වන ආකාරය අන්තර්ජාතික මාධ්‍යවලද වාර්තා වූ පසු තායි රාජ බාට් මිලියන 19ක් වැය කමින් නැවත මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණි.

ඇතා මේ වනවිටත් පෝෂණය ඌනතාවයකින් හා රක්ත හීනතාවයකින් පෙළෙන බව තායිලන්තයෙන් ඇතා රැගෙන යාමට පැමිණ ඇතා වෙනුවෙන් මාසයකට වැඩි කාලයක් ලංකාවේ ගත කළ පශු වෛද්‍යවරු කියා තිබුණහ.

තායි ඇත්ගොව්වෙක් ද ඇතාගේ මානසිකත්වය සන්සුන් කරගෙන තමන්ට  හුරු කරගැනීම සදහා මාසයකට අධික කාලයක් ලංකාවේ ගතකරමින් සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල් තුමා එපා කී  දේශබන්දු සහ නිලන්ත වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි පෙනී සිටිති!

Next Post

රාගම රෝහලේ දී  තරුණ මවට මරණය අත්කළ amoxiclav එන්නත මීට පෙරද රෝගීන්ට බරපතල අසාත්මිකතා ඇති කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.