කීර්ති ප්‍රනාන්දු –
නැවත සිය මව් රට බලා යන මුතුරාජා හස්ථියා හෙට අලුයම තුනට තායිලන්තය බලා යන ගමන තායිලන්ත තානාපතිවරයාගේ ඉල්ලීම අනුව ආවරණය කරන්නට මාධ්‍යයට ඉඩ නොදීමට ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර ඇත.
තානාපතිවරයාගේ ඉල්ලීම මත එම ගුවන් ගමන ආවරණය කරන්නට ඉඩ නොදෙන බව ගුවන්තොටුපල කළමනාකාරිත්වය මේ වනවිට මාධ්‍ය වෙත දන්වා තිබේ.
මුතු රාජා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම සඳහා රුසියාවේ මොස්කව් නුවර සිට විශේෂ Ilyushin IL-76 ගුවන් යානයක් ඊයේ රාත්‍රී 11.30ට කටුනායකට පැමිණ තිබේ.
අද දහවල් මුතුරාජාට සෙත් පතා විශේෂ ආගමික වතාවත් සහිත පුණ්‍යකර්මයක් දෙහිවල සත්වෝද්‍යානයේ දී පවත්වා තිබේ. එම අවස්ථාව ආවරණය කිරීමට ද මාධ්‍යයට ඉඩ ලැබී නැත.
අද අළුයම 03ට පමණ මුතු රාජා හස්ථියා දෙහිවල සිට කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන යෑමට නියමිතව තිබේ.
Ilyushin IL-76 ගුවන් යානය ටොන් 3.5 ක් බරැති ඇත් රජු රැගෙන කටුනායකින් ගුවන්ගත වී හෙට තායිලන්තයේ Chiang Mai ගුවන්තොටුපල වෙත ලගාවීමට නියමිතව තිබේ. ඔහුගේ දිගු ඇත් දළ නිසා, ප්‍රවාහන කණ්ඩායම ගුවන් ගමනේදී ආක්ෂාව සඳහා සීමිත චලනයක් ඇති කරගත හැකි අන්දමට මුතු රාජාගේ කකුල් අගුලු දමනු ඇති බව වාර්තා වේ. .
තායිලන්තයට ලඟාවීමෙන් පසු දින 14 ක නිරෝධායන කාලයකින් අනතුරුව ඇතාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ Chang Lampang රෝහල වෙත යැවීමට නියමිතව ඇත.
තායිලන්ත රජුගේ රාජ්‍ය තාන්ත්‍රික තෑග්ගක් ලෙස ලැබී කන්දෙ විහාරයට අයිතිව වසර 21ක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ 30 හැවිරිදි මුතු රාජ තායි රටේ හැඳින්වූයේ “ප්ලයි සක්සුරින්” නමිනි.
ලංකාවේ දී අනන්ත වද බන්ධනයට ලක්වන ආකාරය අන්තර්ජාතික මාධ්‍යවලද වාර්තා වූ පසු තායි රාජ බාට් මිලියන 19ක් වැය කමින් නැවත මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණි.
ඇතා මේ වනවිටත් පෝෂණය ඌනතාවයකින් හා රක්ත හීනතාවයකින් පෙළෙන බව තායිලන්තයෙන් ඇතා රැගෙන යාමට පැමිණ ඇතා වෙනුවෙන් මාසයකට වැඩි කාලයක් ලංකාවේ ගත කළ පශු වෛද්‍යවරු කියා තිබුණහ.
තායි ඇත්ගොව්වෙක් ද ඇතාගේ මානසිකත්වය සන්සුන් කරගෙන තමන්ට හුරු කරගැනීම සදහා මාසයකට අධික කාලයක් ලංකාවේ ගතකරමින් සිටියේය.