මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මහියංගනය ප්‍රධාන මාර්ගය දිඹුලාගල පැලැටියාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක් ආරම්භ වී ඇත.
මෙම විරෝධතාකරුවන් රඹුක්කන විරෝධයේදි මිය ගිය තරුණයා වෙනුවෙන් ශෝකය පල කර මහ පාරේ විනාඩි දෙකක නිහඩියාවක් ද දැක්වූහ.
අද (21) දහවල් ආරම්භ කරන ලද මෙම විරෝධයේ දී විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල වහාම පහත හෙළා ජීවන වියදම් අඩුකරන ලෙසය.
රසායනික පොහොර සහනාධාරය ලබා ගැනීම ඉන්ධන මිල වහාම පහත හෙලීම ජීවන වියදම හා බඩු මිල අඩුකිරිම, කාබනික පොහොර භාවිතයෙන් වගා කර පාඩු වූ වී වගාව වෙනුවෙන් වන්දි ලබා ගැනීම , ජනපති අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී උගත් බුද්ධිමත් පිරිසක් රට පාලනය කිරිමට බාර දීම ඔවුන්ගේ ඉල්ලීම් වේ.








