ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වනවිට පැවැත්වෙමින් ඇත.
මේ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂය ලෙස පවතින තත්වය කළමනාකරණය කරගත යුතු ආකාරය ගැන කඩිනම් තීරණයක් ගැනීමට මෙම රැස්වීම කැඳවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව මෙහි දී සාකච්ඡාවනු ඇතැයි පැවසේ.







