අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති සබ්රිට අයි.එම් එෆ් දොර ඇරගන්න අසල්වැසි නිර්මලා අක්කාගෙන් උදව්වක්!

by Lankasara News
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්ත පළාතටවත් යන්න නොහිතපු ශ්‍රි ලංකාවට ආර්ථිකයේ සියලු පැතිකඩ පසුගිය මාස කිහිපය තුළ කඩා වැටෙද්දී යන්න බෑ කියූ ආර්ථිකය හසුරුවන්නන්ට ගෙදර යන්නට විය. ස්වාධීන ආර්ථික විශේෂඥයන් සේම විපක්ෂ දේශපාලකයන් පුන පුනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නැයි කියදදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව රටේ ලොකු ලොක්කන් අතර පවා විරෝධාකල්පයක් නිර්මාණය කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රට අවුලෙන් අවුලට පත්වෙද්දි දී ධුරයෙන් ඉවත් වූයේය. ඒ නිසා අද ජනාධිපතිවරයාටද ප්‍රසිද්ධියේ පසුතැවෙන්ට සිදුව ඇත.

අයි.එම්.එෆ් යන්දෝ නොයන්දො සිතමින් සිටි මුදල් ඇමති බැසිල් රාජපක්ෂට ද ඇමතිකම අහිමිවිය. මේ සියල්ල බලාගෙන කියන දෙයක් කරගෙන සිටි භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතාටද අවසානයේ ගෙදර යන්නට සිදුවිය.
අලුතින් පත්වූ මුදල් අමාත්‍ය අලි සබ්රිත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහත් නව භාණඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ ශ්‍රි ලංකාංව, එහි සහය නැතිව අඩියක්වත් ඉදිරියට යන්නට තබා දවසක් වත් ගෙවා ගන්නට නොහැති තරමට ආර්ථිකය දුබල වූ අවස්ථාවකය. අලුතින් පත්වූ මුදල් ඇමති ලෝකයට කීවේ ශ්‍රි ලංකාවට සිය රටේ ජනතාවගේ ආහාර, අත්‍යවශ ඖෂධ සහ ඉන්ධන ඇතුළු දේවල් ලබා ගැනීම සඳහා අඩුම තරමින් ඩොලර් බිලියන 3කවත් අවශ්‍ය වන බවය.

මේ හදිසි මූල්‍ය ආධාර දෙස බලාගෙන ගිය කණ්ඩායම පසුගිය දින දෙක තුනේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටලනා ජොජියෝවා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළහ. එහිදී ශ්‍රි ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායම එක සංඥාවක් දී තිබේ.

ඒ අසල්වැසි ප්‍රබල රාජ්‍යය වන ඉන්දියාවත් මේ වෙලාවේ ශ්‍රි ලංකාවට හදිසි මූල්‍ය ආධාර දෙන්න කියා ඉල්ලීමක් කළා. අපිට මේ ඉල්ලීමත් සලකා බලනන වෙනවා “ වැනි කතාවකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රි ලංකා කණ්ඩායම යනවිට පසුගිය කාලය තුළ ශ්‍රි ලංකාවට හදිසි මූල්‍යාධාර සියල්ල සම්පාදනය කළ ඉන්දියාවේ මුදල් අමාත්‍යවරියද සිටියේ වොෂින්ටනයේය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සෘතු රැස්වීම් මාලාවේ ඉන්දියානු නියෝජනය සඳහා සහභාගී වන්නට ගොසිනි. ඉන්දියාවේ සංවර්ධනයට අවශ්‍ය මූල්‍යා ආධාර පිළිබඳව සහ එරට ආර්ථිකය පිළිබඳව සමාලෝචනයකට ඇය එහි ගියද ඉන්දිය මුදල් අමාත්‍යවරිය සිය මූලික සාකච්ඡාවලදී ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය හමුවේ මූල්‍ය ආධාර හදිසියේ ලබා ගැනීමට ලබා දිය හැකි ආධාර පිළිබඳ අන්ර්ජාලිත මූල්‍ය අරමුදල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය මුද ගැනීමේ ණයක් සඳහා ලංකාවට “හදිසියෙන් මූල්‍ය ආධාර සපයන ලෙස” ය.

සීතාරාමන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියොජියෝවා අතර මුල්ම හමුව සිදුවන්නේ පසුගිය සඳුදාය. එම සංවාදයේ ප්‍රධාන මාතෘකාවක් ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයයි.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ඉන්දීය මුදල් ඇමතිනි සීතාරාමන් ” ශ්‍රී ලංකාවට සහය විය යුතු බවත්, කඩිනමින් මූල්‍ය ආධාර ලබා දිය යුතු බවටත්” කළ ඉල්ලීමේදී මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය දී ඇති අතර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ දිගටම ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට මුදල් අමාත්‍යවරියට සහතික වී ඇතැයි එම නිවේදනය පවසයි.

මෙම සාකච්ඡාවේදී මූල්‍ය අරමුදල් ප්‍රධානී විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකාව මුහුණ දෙන දුෂ්කරතම ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති උපකාරය පිළිබඳව ප්‍රශංසා කර ඇත.

පසුගිය මාස තුන තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක පමණ ආධාර ලබාදී ඇත. එයට ණය යෝජනා ක්‍රම දෙකක් ඇතුළත් වේ – ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ඩොලර් බිලියන 1 ක ණය හුවමාරුව ඩොලර් මිලියන 400 ක් සහ ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම් ඩොලර් මිලියන 515 කට වඩා කල් දැමීම මෙම ආර්තික සහයන් අතර පවතී.
ලබා දුන් මිලියන 500 ඉන්ධන ණය ආධාරය යටතේ මේ වනවිටත් ශ්‍රි ලංකාවට ඩීසල්, පෙට්‍රල් යැවෙමින් පවතින අතර ආහාර සහ ඖෂධ සඳහා ලබා දන් ඩොලර් බිලියනයේ ණය සහනය මත සහල් වැනි ආහාර ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය දුව්‍ය මේ වනවිට ශ්‍රි ලංකාව වෙත යැවෙමින් පවතී.

මෙ අතරේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවය. එම ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව නිල වශයෙන් වාර්තා වන්නේ නැත.

ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටනයේදී ඉන්දීය මුදල් අමාත්‍යවරියද හමුවී තිබේ. ඔවුන් එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හදිසි මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා පවතින ප්‍රතිපාදන ලබා ගන්නා ආකාරය සහ එහිදි ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන වාර්තා පිළිබඳව වැදගත් උපදෙස් ඉන්දිය මුදල් ඇමතිනි සීතාරාමන් විසින් අමාත්‍ය අලි සබ්රි ඇතුළු කණ්ඩායමට ලබා දුන් බවත් මේ හදිසි ආධාර ලබා ගැනීමේදි ඉන්දියාවෙන්ද තල්ලුවක් ලබා දෙනවත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

ආර්ථික විද්‍යාඥවරියක ලෙස සේවය කිරීමෙන් සහ දක්ෂ පළපුරුදු විශේෂඥ කණ්ඩායමක් සමඟ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමෙන් ඇය විසින් ප්‍රගුණ කරන ලද පරිචය මත ඇය මෙම උපදෙස් ලබා දුන්නා යයි විශ්වාස කළ හැකිය.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ට්විටර් ප්‍රකාශයක් මගින් අමාත්‍ය සීතාරාමන් කියා සිටියේ “සමීප මිත්‍රයෙකු සහ හොඳ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගීතාවයක් සහ සහායක් ලබා දීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකාවට සහතික වූ” බවයි.

මෙම සිදුවීම් පෙළ සමඟ බද්ධ වූ තවත් සිදුවීමක් ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.ඒ දිල්ලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ සීතාරාමන් මහත්මිය ඇමෙරිකාවට යන්නට මත්තෙන් හමුවීමය. එම හමුවේදී ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා මුදල් ඇමතිවරියගෙන් ශ්‍රි ලංකාවේ පවතින දැවන්ත අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගේ සහය ලබා ගැනීමට මැදිහත් වන ලෙසටය.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අදාළ ණය ලබා ගැනීමට ම් ශ්‍රි ලංකාව සපුරාලිය යතු පිරිවිතරයන් ගණනාවක් තිබේ. ඒ සඳහා අවංක කැපවීමකින් රටේ දේශපාලන නායකත්වය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියා කළ යුතුව තිබේ. රට තුල මෙන්ම ජාත්‍යන්තරය හමුවේත් බරපතල ලෙස විශ්වාසය බිඳ වැටී ඇති රාජ්‍යයකට යලි විශ්වාසය දිනා ගැනිමට හැකියවන ආකාරයට මේ කටයුතු සිදුවුහොත් මූල්‍ය අරමුදලෙන් ලැපෙන සුලු සංඥාවක් පවා රටේ ආර්ථිකයේ ධනාත්මක ගමනට හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

Share69Tweet43
Previous Post

රඹුක්නදී ඝාතනය වූ තරුණයා වෙනුවෙන් දිඹුලාගල විරෝධතාකරුවෝ විරෝධතාව මැද නිහඬ වෙති!

Next Post

පාස්කු ප්‍රහාරය එක් පුද්ගලයෙකුට ජනාධිපතිවෙන්න  කළ කුමන්ත්‍රණයක්…. කාදිනල් හිමියෝ කියති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.